සිය සේවා ලබාගැනීම සඳහා භාරදිය යුතු සියලුම අයදුම් පත්‍ර මහනගර සභාවේ ප්‍රධාන ගොඩනැගිල්ල අසල පිහිටි සපිරි පියස කවුළුවෙන් භාරගැනීමට කටයුතු යොදා ඇති බව කොළඹ මහානගර සභාව නිවේදනය කළා.
නාගරික කොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජනතාවට මහනගර සභාවේ ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීමෙන් වළකින ලෙසයි.
වරිපනම් බදු සහ කුලී ගෙවීම් බැංකු කාර්යාල හරහා මෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකළ හැකි බව අැය වැඩිදුරටත් පෙන්වා දෙන්වා.
කොළඹ මහනගර සභාවේ නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන අැති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනිය ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් අද පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුවීමට නියමිතයි.
එමෙන්නම ගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සිය මන්ත්‍රීවරුන් වෙත හඬ පටයක් නිකුත් කරමින් පවසා ඇත්තේ සියලු දෙනා ස්වයං නිරෝධායන වී ආරක්ෂා සහිතව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.