යුරෝපයේ කොරෝනා වෙෙරස අාසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යාම ඉතා අවදානම් සහගත තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
කෙසේ වෙතත් පවතින තත්ත්වය ඉකුත් අප්‍රේල් මාසයට වඩා යහපත් බවයි එම සංවිධානයේ යුරෝපා කලාප ප්‍රධානී හෑන්ස් ක්ලූග් ප්‍රකාශ කළේ.
එහෙත් වෛරසය ව්‍යාප්ත වීම මර්දනයට පැන වූ රෙගුලාසි ලිහිල් කළහොත් ලබන වසර වනවිට කොරෝනා ආසාදනයෙන් යුරෝපයෙන් වාර්තා වන මරණ ඉකුත් අප්‍රේල් මාසයට වඩා පස් ගුණයකින් පමණ ඉහළ යනු ඇතැයි ඔහු අනතුරු අඟවනවා.