News Line| Off Air
Generic placeholder image

Oct
16

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් මරු දකියි

228 Views


රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් මරු දකියි

මුලතිව් – කෝකිලායි මාර්ගයේ සිලාවත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදු වූ අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොකිලායි දෙසට ධාවනය වු ට්‍රැක්ටර් රථයක් මාර්ගයේ රථවාහන රාජකාරීවල නිරතවෙමින් සිටි පොලිස් සැරයන්වරයෙකුගේ ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

පොලිසිය පැවසුවේ, අනතුරින් බරපතළ තුවාල ලැබු පොලිස් සැරයන්වරයා මාන්චෝලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි.

මෙලෙස මියගියේ, උලපනේ, ගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි මුලතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙක්.

අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටරයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post