News Line| Off Air
Generic placeholder image

Oct
16

පූගොඩ තරුණයා මියයාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

262 Views


පූගොඩ තරුණයා මියයාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

පොලිස් අත්අඩංගුවේ සිටියදී තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලට අදාළව පූගොඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්කර තිබෙනවා.

පූගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ මෙලෙස තහනම්කර අැති බවයි පොලිසිය පැවසුවේ.

සොරකමකට අදාළව අත්අඩංගුවට ගත් 21 හැවිරිදි අදාළ තරුණයා පසුගිය 11 වැනිදා හදිසියේ අසනීප වීම හේතුවෙන් රාගම රෝහලට අැතුළත් කර තිබූ අතර එහිදී ඔහු මියගොස් තිබුණා.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ නියෝගයක් අනුව එම කටයුතු සිදු කෙරුණා.

adstudio.cloud


News Articles
Latest Videos
Most Popular Post