15 හැවිරිදි සිසුවා සමග පැන ගිය 28 හැවිරිදි ගුරුවරිය එම දරුවාව ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා ඉදිරිපත් වී තිබෙන අතර එම ගුරුවරිය වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරුණා.
ඇප තැබීමෙන් පසු අදාල ගුරුවරිය මනෝ වෛද්‍ය සායනයට ඉදිරිපත් වී වාර්තාවක් ලබාගෙන ඉදිරිපත් කරන ලෙස අධිකරණය වැඩි දුරටත් නියෝග කර තිබෙනවා.