News Line| Off Air
Generic placeholder image

Oct
16

රියාජ් බදියුදීන්ගේ පෙත්සම සළකා බැලීම මේ මස 20 වැනිදා

320 Views


රියාජ් බදියුදීන්ගේ පෙත්සම සළකා බැලීම මේ මස 20 වැනිදා

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා රියාද් බදියුදීන් මහතා ගොනු කර අැති රීට් පෙත්සම සළකා බැලීමට අභියාචනාධිකරණය අද දින නියම කළා.

එ් අනුව එම පෙත්සම කැදවනු ලබන්නේ, ෙම් මස 20 වැනිදායි.

පෙත්සම අද කැදවනු ලැබුවේ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

මෙහිදී පෙත්සම්කාර රියාජ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම නඩුව හදිසි අවශ්‍යතාවක් මත ගොනුකර තිබෙන හෙයින් එය සළකා බැලීම සඳහා ළඟ දිනයක් ලබාදෙන ලෙසයි.

මේ මස 20 වැනිදා පෙත්සම සළකා බැලීමට කැඳවන ලෙස විනිසුරු මඬුල්ල නියම කළේ එ් අනුවයි.


News Articles
Latest Videos
Most Popular Post