News Line| Off Air
Generic placeholder image

Oct
16

නිව් ඩයමන්ඩ් කපිතාන් නියම කළ දඩය ගෙවයි

600 Views


නිව් ඩයමන්ඩ් කපිතාන් නියම කළ දඩය ගෙවයි

නැගෙනහිර මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට පසුගියදා අධිකරණයෙන් නියම කළ දඩ මුදල ගෙවූ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද අධිකරණයට දැනුම් දුන්නා.

එ්, නඩුව අද කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

එහිදී අදාළ කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ, තම සේවාදායකයා වරද පිළිගෙන, දඩ මුදල ද ගෙවා අවසන් කර අැති හෙයින් ඔහුට පනවා අැති විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එම ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විරෝධය පළ නොකිරීම සහ නීතීඥයා දැක්වූ කරුණු සැළකිල්ලට ගනිමින් එම විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළා.


News Articles
Latest Videos
Most Popular Post