News Line| Off Air
Generic placeholder image

Oct
19

හුදෙකලා ගම්මානවල උසස් පෙළ සිසුන්ට විභාගයට පෙනී සිටීමට විශේෂ මධ්‍යස්ථාන

402 Views


හුදෙකලා ගම්මානවල උසස් පෙළ සිසුන්ට විභාගයට පෙනී සිටීමට විශේෂ මධ්‍යස්ථාන

මතුගම අවට හුදෙකලා කර අැති ග්‍රාම නිලධාරි වසම් තුනෙහි උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට ඒ් සදහා පෙනී සිටීමට වෙනම විභාග මධ්‍යස්ථාන සකස්කර තිබෙනවා.

මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසුවේ, ඒ අනුව ඔවුන් පෙනී සිටි විභාග මධ්‍යස්ථානවලම වෙනම පරිශ්‍ර විභාග කටයුතු සඳහා වෙන්කර ඇති බවයි.

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඕවිටිගල , බදුගම සහ බදුගම නව ජනපදය යන ග්‍රාම නිලධාරී වසම් ඊයේ පස්වරුවේ සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා ප්‍රදේශ බවට පත් කෙරුණා.

කොරෝනා අාසාදිතයින් වාර්තාවීම ඉහළයාමත් සමගයි අදාළ ගම්මාන හුදෙකලා කෙරුණේ.

ඒම ප්‍රදේශ හරහා මතුගම විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන සිසුන් සඳහා අවශ්‍ය පහසුකම් සකස්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post