News Line| Off Air
Generic placeholder image

Oct
19

ලොවපුරා කොරෝනා ආසාදිතයින් හාරකෝටිය පනියි

525 Views


ලොවපුරා කොරෝනා ආසාදිතයින් හාරකෝටිය පනියි

ලොවපුරා කොරෝනා ආසාදිතයින් හාරකෝටි දෙලක්ෂ 64,210ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ් අනුව කොරෝනා මරණ ගණන ඒකොළොස් ලක්ෂ 18,167ක් දක්වා ඉහළ ගියා.

මේ අතර යුරෝපයේ මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් ඇති අතර ප්‍රංශයේ සහ ඉතාලියේ ආසාදිතයින් සංඛ්‍යාව යළිත් ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රංශයේ සහ ඉතාලියේ ආසාදිතයින් වාර්තා වීම පසුගිය දින දෙක තුළ දස දහස ඉක්මවා ගොස් තිබූ බවයි.

ඒමෙන්ම වෙෙරස් ව්‍යාප්තිය උත්සන්න වීමත් සමග පැරිස් නුවර ඇතුළු නගර 8කට රාත්‍රී ඇදිරි නීතිය පැනවීමට ප්‍රංශ රජය පසුගියදා පියවර ගත්තා.

ඒරට ජනාධිපතිවරයා පැවසුවේ, මෙම නීතිය අවම වශයෙන් සති හතරක කාලයක් බලපැවැත්වෙනු ඇති බවයි.

මීට අමතරව ප්‍රංශයේ මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරුණා‍.

පවතින තත්ත්වය හමුවේ තැබෑරුම්, අවන්හල් ඇතුළු වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම වැඩි ස්ථාන නියමිත කාලයට පෙර වසා දැමිය යුතු බව ජර්මනිය නිවේදනය කළා.

ඒ ඉකුත් අප්‍රේල් මාසයට පසු ප්‍රථම වරට ජර්මනියෙන් 5000 ඉක්ම වූ දෛනික ආසාදිතයන් පිරිසක් වාර්තාවීමත් සමගයි.

නෙදර්ලන්තය මාසයක කාලයක් අර්ධ වශයෙන් වසා දමා ඇති අතර අවන්හල් වසා දැමීමට ද ඒරට රජය පියවර ගත්තා.

ස්පාඤ්ඤයේ කැටලෝනියා පළාතේ අවන්හල් සහ තැබෑරුම් දින 15ක කාලයක් සදහා වසා දැමුණේ ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post