වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවය කළ නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරනවා.
එපමණක් නොව ඔවුන්ගේ මව්වරුන් දෙදෙනාට කොරෝනා වෛරසය මේ වන විට ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙන අතර මෙම නිලධාරීන් දෙදෙනාට වෛරසය ආසාදනය වී තිබෙන්නේ ගනේමුල්ල බැංකු ශාඛාවක ආසාදිතයකු වැල්ලවත්ත බැංකු ශාඛාවට පැමිණීමත් සමග බවයි වාර්තා වන්නේ.