News Line| Off Air
Generic placeholder image

Oct
19

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව හා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හෙට සිට විවෘත කෙරේ

974 Views


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව හා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හෙට සිට විවෘත කෙරේ

රට තුළ උද්ගත වී ඇති අවදානම් සහගත තත්ත්වයත් සමග තාවකාලිකව අත්හිටුවනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ කටයුතු ජනතාවට අපහසුතාවක් නොවන ආකාරයට හෙට සිට යළිත් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ් වෙෙරස ව්‍යාප්තියයට පනවා ඇති නීති රීතිවලට අනුවයි.

ඒ අනුව වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම හා වාහන පරීක්ෂාකර වාර්තා ලබාදීම ඇතුළු සේවාවන් ලබා ගැනීමට සතියේ දිනවල උදැසන 9 සිට පස්වරු 4 දක්වා කාලය තුළ දුරකතන මාර්ග ඔස්සේ කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු වනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් පිටුවෙහි සියලුම දුරකථන අංක සදහන්ව ඇති අතර, ඊට පරිබාහිරව කිසිදු හේතුවක් මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවට පැමිණෙන පුද්ගලයන් සදහා සේවා සැපයීමක් සිදු නොකෙරනු ඇති.

මේ අතර වේරහැර කාර්යාලය මගින් සිදු කරනු ලැබූ රියදුරු බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා.

සාමාන්‍ය සේවා යටතේ එම සේවය ලබාගැනීම සදහා වේරහැර කාර්යාලය විවෘත වන්නේ කොළඹ ප්‍රදේශය තුළ ජීවත්වන ජනතාවට පමණයි.

ඒ් සදහා ඔවුන් පදිංචිය සනාථ කළ යුතු අතර අනෙකුත් දිස්ත්‍රික්කවල පදිංචි සේවා අපේක්ෂකයින් හට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවට අයත් දිස්ත්‍රික්ක කාර්යාල අදාළ සේවාව සැපයීමට විවෘතව පවතිනවා.

පොලිස් ඇඳිරිනීතිය පවතින දිස්ත්‍රික්කවල හෝ පොලිස් වසම්වල ජනතාව සදහා මෙම සේවාවන් ලබාගැනීමට කිසිදු අවස්ථාවක් හිමි වන්නේ නැහැ.

එමෙන්ම ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ www.ntmi.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් නුගේගොඩ ප්‍රධාන කාර්යාලයෙන් සේවාව ලබා ගැනීමට ජනතාවට හැකියාව පවතින අතර, ඉදිරියේදී ක්‍රමක්‍රමයෙන් එම පහසුකම අනෙකුත් ශාඛා කාර්යාල මඟින් ලබා ගැනීමට කටයුතු සූදානම් වනවා.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට සතියේ දිනවල උදෑසන 8.30 සිට පස්වරු 3 දක්වා කාලය තුළ 011 2 852 095 හෝ 011 2 852 868 යන දුරකතන අංක ඇමතිමෙන් දිවයිනේ ඕනෑම ශාඛාවකින් සේවය ලබා ගැනීමට දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකියි.

ඉදිරියේදී ඕනෑම දුරකතන ජාලාවක් මඟින් 225 අංකයට ඇමතුමක් ලබා දීමෙන් ඒම ආයතනයට අයත් දිවයිනේ ඕනෑම ශාඛාවකින් සේවාව ලබා ගැනීම සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමේ පහසුකම සැළසෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post