නව කොරෝනා ආසාදිතයින් 47ක් මේ වනවිට හදුනාගෙන තිබෙනවා.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2,122ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
අද දිනයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 4 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය වන අතර සෙසු 43 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.