අද අලුයම අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුව මේ වනවිටත් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වනවා.
මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත් වුණේ, දෙහිවල, ඒබනයිසර් මාර්ගයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සැගව සිටියදීයි.
ඔහුට සැගව සිටීමට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ අදාළ නිවසේ හිමිකරුද අත්අඩංගුවට ගැනුණු අතර ඔහුගෙන් ද ප්‍රශ්න කිරීම් ආරම්භකර තිබෙනවා.
මන්ත්‍රීවරයාට සැගව සිටීමට උපකාර කළ බව පැවසෙන තවත් තිදෙනෙකු පිළිබද තොරතුරු වාර්තා වී ඇති අතර ඔවුන්ව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
මන්ත්‍රීවරයාව අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2019 ජනාධිපතිවරණයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ යොදා ගනිමින් පුත්තලම ප්‍රදේශයේ අවනැන් වූවන් පිරිසකට ප්‍රවාහන පහසුකම් සපයා රජයේ මුදල් අවභාවිත කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම යන චෝදනා මන්ත්‍රීවරයාට ඒල්ල වී තිබූ චෝදනායි.