News Line| Off Air
Generic placeholder image

Oct
19

කොරෝනා නිසා පීඩාවට පත් ව්‍යාපාරිකයින්ට බිලියන 178ක ණය මුදලක්

508 Views


කොරෝනා නිසා පීඩාවට පත් ව්‍යාපාරිකයින්ට බිලියන 178ක ණය මුදලක්

කොරෝනා වෙෙරසය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයින් යොමු කරන ලද ණය අයදුම්පත් සදහා රුපියල් බිලිනයන 178ක් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එලෙස ඉදිරිපත්ව තිබූ අයදුම්පත් සංඛ්‍යාව 61,907ක් වන අතර ප්‍රතිලාභීන් 45,582 දෙනෙකු සදහා අදාළ මුදල් හිමි වනවා.

මහ බැංකුව නිවේදනය කළේ, කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර ද ඇතුළුව සියලු ව්‍යාපාර මෙම ණය යෝජනා ක්‍රමවල ප්‍රතිලාභීන් බවයි.

පීඩාවට පත් ව්‍යාපාර විසින් කරන ලද ඉල්ලීම් සැළකිල්ලට ගෙන මුලින් අපේක්ෂිත රුපියල් බිලියන 150 සීමාව පිළිබඳ නොසලකා අයදුම්පත් භාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් ඉදිරිපත් කරනු ලැබු සියලුම අයදුම්පත් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සහන සැලසෙනු ඇති.

ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර මේ වසරේ අප්‍රේල් මස පළවැනිදා ක්‍රියාත්මක කෙරුණු අතර දෙවන හා තුන්වන අදියර දෙකම මේ වසරේ ජුලි මස පළවැනිදා සිට බලාත්මක වන පරිදි හඳුන්වා දී ඇති බව මහ බැංකුව නිවේදනය කළා.

එහි වාර්ෂික පොලී අනුපාතය 4% ක්.


News Articles
Latest Videos
Most Popular Post