News Line| Off Air
Generic placeholder image

Oct
20

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද පාර්ලිමේන්තුවට – ඊට අදාළ විවාදය හෙට සහ අනිද්දා

357 Views


20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද පාර්ලිමේන්තුවට – ඊට අදාළ විවාදය හෙට සහ අනිද්දා

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒම තීන්දුව පසුගිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කර තිබුණේ, පසුගිට 10 වැනිදායි.

කැබිනට් අනුමැතිය හිමිවූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැප්තැම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව එම සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39 ක් විවිධ පාර්ශව විසින් ගොනු කර තිබූ අතර ඊට අදාළ පෙත්සම් විභාගය පසුගිය 5 වැනිදා අවසන් කෙරුණා.

අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට යොමු කිරීමට කටයුතු කළා.

ඒම තීන්දුව අද උදෑසන 10ට කථානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊට අදාළා විවාදය හෙට සහ අනිද්දා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවා.

ඉන් අනතුරුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර රට තුළ පවතින වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් විවාදය කල් දමන ලෙස විපක්ෂය ඉල්ලීමක් කරනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඅැල්ල මහතා කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් විමසා සිටියේ, නීති සම්පාදනය කරන ස්ථානයම නීති උල්ලංඝණය කරන්නේ නම් ඉන් රටට දෙන අාදර්ශය කුමක්ද යන්නයි.

ඒමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් පාර්ලිමෙන්තු රැස්වීම් අත්හිටුවීමට කටයුතු කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post