කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග තවත් පොලිස්බල ප්‍රදේශ පහකට මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
ඒ් අනුව කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.
කෙසේ වෙතත් අද උසස් පෙළ විභාගයට සහභාගී වු සිසුන්ට නිවෙස් බලා යෑමට හා සවස් කාලයේ විභාගය සඳහා සහභාගී වීමට නියමිත සිසුන්ට මෙන්ම රැකියා සදහා පිටත්ව ගොස් සිටින අයට නැවත නිවෙස් වෙත පැමිණීමට ඇඳිරි නීතිය කිසිසේත්ම බාධාවක් නොමැති බව පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.
එම ප්‍රදේශවල සිටින ජනතාවට නිවෙස් තුළ ම රැඳී සිටින ලෙසත්, අදාළ පොලිස්වසම් හරහා වෙනත් ප්‍රදේශවලට ගමන් කිරීමට නොහැකි බවත්, කිසිම අවස්ථාවක වාහන නවතා මගීන් නංවා ගැනීමට හෝ බැස්සවීමට අවස්ථාව හිමි නොවන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියාසිටියා.