දින 23 ක් පමණ වයසැති කුඩා බිලිඳකු විකිණීමට ගිය කාන්තාවක් සහ ත්‍රීරෝද රථ රියැදුරකු මහනුවර තල්වත්ත ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම බිලිදා දරුවන් නොමැති කාන්තාවකට රහසිගතව විකුණා ඇති බවයි සිදු කරනු ලබන විමර්ශන වලදී අනාවරණය වී තිබෙන්නේ. සිද්ධිය පිලිබදව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක අතර මේ වන විට මෙම බිලිදා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.