News Line| Off Air
Generic placeholder image

Oct
22

කොළඹ පොලිස්බල ප්‍රදේශ පහකටත් ඇඳිරි නීතිය

487 Views


කොළඹ පොලිස්බල ප්‍රදේශ පහකටත් ඇඳිරි නීතිය

කොරෝනා වෙෙරස් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස්බල ප්‍රදේශ පහකට අද සිට නිරෝධායනඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ අනුව මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙනු ඇති.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ ප්‍රදේශ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග මෙම පියවර ගත් බවයි.

ඒම ප්‍රදේශ හරහා වාහන ධාවනයට හැකි නමුත් නැවැත්වීම, මගීන් නංවා ගැනීම සහ බැස්වීම කිසිසේත් සිදුකළ නොහැකි බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post