News Line| Off Air
Generic placeholder image

Oct
22

රාගමදී සිදු වූ මනුෂ්‍ය ඝාතනය

902 Views


රාගමදී සිදු වූ මනුෂ්‍ය ඝාතනය

රාගම පොදු වෙළෙඳපොළ පරිශ්‍රයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ, පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් එක් අයෙකු අනෙක් පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කෙරුණු පසු මියගොස් තිබෙනවා.

එලෙස මියගියේ, කඳාන ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි අයෙක්.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post