මධුෂ්ගේ හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේදැයි හෙළි කරන ලෙස මාකඳුරේ මධුෂ්ගේ මාමා කෙනෙකු වන සුනිල් සමරසිංහ මහතා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල වූයේ ඉදිරිපස සිට නම්, මධුෂ්ට පමණක් පසුපසින් වෙඩි ප්‍රහාර එල්ල වූයේ කෙසේද යන්න පිළිබඳවයි ඔහු ප්‍රශ්න කර සිටියේ.
ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මෙම කරුණු විමසා සිටියා.
සිය ඥාති පුත්‍රයා හෙළි කළ දේශපාලන සම්බන්ධතා පිළිබද සියලුම මාධ්‍ය වෙත හෙළි කරන ලෙස ඔහු පොලිසියට අභියෝගයක් ද කළා.
පසුගියදා කොළඹ, මාළිගාවත්ත නිවාස සංකීර්ණය අසලදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය මාකඳුරේ මධුෂ්ගේ දේහය මහරගම පිහිටි ඔහුගේ වත්මන් බිරිදගේ නිවසේ තැන්පත් කර තැබුණා.
අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කෙරුණා.