News Line| Off Air
Generic placeholder image

Oct
22

මත්ස්‍ය මධ්‍යස්ථානයේ රෝගීන් ව්‍යාප්තියත් සමග කොරෝනා ව්‍යාප්ත වීමේ ඉඩකඩක් ඇති බවට අනතුරු ඇඟවීමක්

687 Views


මත්ස්‍ය මධ්‍යස්ථානයේ රෝගීන් ව්‍යාප්තියත් සමග කොරෝනා ව්‍යාප්ත වීමේ ඉඩකඩක් ඇති බවට අනතුරු ඇඟවීමක්

මිනුවන්ගොඩ ආසාදිතයින් වැඩිවශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත්, මේ වනවිට දිස්ත්‍රික්ක 13ක් දක්වා වෙෙරසය ව්‍යාප්ත වී ඇති බවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

ඒ අනුව කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, මහනුවර, ගාල්ල, හම්බන්තොට, යාපනය, වව්නියාව, අනුරාධපුර, බදුල්ල, පොළොන්නරුව හා මොණරාගල යන දිස්ත්‍රික්ක ඊට අයත්.

මාළු මධ්‍යස්ථානයේ රෝගීන් ව්‍යාප්තියත් සමග කොරෝනා වෙෙරසය තවත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත වීමේ ඉඩකඩක් පවතින බවයි විශේෂඥ වෙෙද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට ආ ගිය බවට තොරතුරු වාර්තාවීමත් සමග එම ස්ථානයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවත්, ඒ අනුව ඊයේ දිනය වන විට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැලේ පුද්ගලයින් 49 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනා ගත් බවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

තවදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෙෙද්‍යවරයා පැවසුවේ, පෑළියගොඩ මත්ස්‍ය මධ්‍යස්ථානයට රටපුරා සිටින වෙළදුන් මත්ස්‍යයින් රැගෙන පැමිණෙන අතර එම ස්ථානයෙන් මත්ස්‍යයින් ගෙන ගොස් රට පුරා අලෙවි කිරීම හේතුවෙන් යම් හෙයකින් ආසාදිතයෙක් සිටියහොත් වෙෙරසය දිස්ත්‍රික්කය පුරා පැතිරිය හැකි බවයි.

මේ අතර දිවයින පුරා සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ගනණ 425,000කට අධිකයි.

ඊයේ දිනය තුළ පමණක් එම පරීක්ෂණ 8000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බව ද විශේෂඥ වෙෙද්‍යවරයා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post