News Line| Off Air
Generic placeholder image

Oct
22

පෙම්වතිය සහ ඥාති නැගණිය දූෂණය කළ තරුණයෙක් පොලිස් දැලේ – පෙම්වතියත් රිමාන්ඩ්

15540 Views


පෙම්වතිය සහ ඥාති නැගණිය දූෂණය කළ තරුණයෙක් පොලිස් දැලේ – පෙම්වතියත් රිමාන්ඩ්

තම පෙම්වතියගේ සහාය ඇතිව ඇගේ අවුරුදු 15 ක ඥාති නැගණිය සහ පෙම්වතිය දූෂණය කළ කටාන ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පසුදා අදාළ තරුණයා කොච්චිකඩේ පොලිසියට පැමිණ භාර වීමෙන් පසුවයි.

එම තරුණයා සිය 17 හැවිරිදි පෙම්වතියට පවසා ඇත්තේ ඇය ඉදිරියේ තරුණියක් සමග අඹු සැමියන් වශයෙන් සිටීමට තමාට තදබල ආශාවක් පවතින බවයි.

ඒ අනුව පෙම්වතිය සිය පෙම්වතාගේ ආශාව ඉටු කිරීමට ඇගේ ඥාති නැගණිය තරුණයාගේ නිවෙස වෙත රැගෙනවිත් ඇත්තේ, තම නැන්දණියට හදිසියේ අසනීපවී ඇති බැවින් ඇය බැලීමට යා යුතු බව වැඩිහිටියන්ට පවසමින්.

අනතුරුව බාලවයස්කාර දැරිය අදාළ තරුණයා තම පෙම්වතිය ඉදිරියේම දූෂණය කර ඇති අතර පසුව ඔහු තම පෙම්වතියව ද දූෂණය කර තිබෙනවා.

බාලවයස්කාර දැරිය තමාට සිදු වූ අතවරය පිළිබද ඇගේ මවට හෙළි කිරීමත් සමග ඇගේ මව කොච්චිකඩේ පොලිසියට පැමිණිලි කර තිබුණා.

ඉන් අනතුරුවයි අදාළ තරුණයා පොලිසියට භාර වී තිබුණේ.

බාලවයස්කාර දැරිය, දෙමාපිය භාරකාරත්වයෙන් පැහැරගෙන යෑම සහ ඇය දූෂණය කිරීමට ආධාර අනුබල දීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් තරුණිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30 වැනි දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post