කොට්ටාව නගරයේ පිහිටි මාළු කඩයකට හා සමූපකාරයකට සීල් තැබීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ කොරෝනා අසාදිතයෙකු මෙම ස්ථානයන්ට පැමිණ තිබු බවට සිදු අනාවරණයෙන් අනතුරුවයි. එපමණක් නොව එම පුද්ගලයා ගමන් කර තිබු මාළු වෙළෙදසැලේ සේවකයින් 04 දෙනෙකුට ද මෙම වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා .
අදාල පුද්ගලයා ගිය බව පැවසෙන සමූපකාරය ද මේ වන විට වසා දමා තිබෙනවා.