News Line| Off Air
Generic placeholder image

Oct
22

රිෂාඩ් බදියුදීන් අද සහ හෙට පාර්ලිමේන්තුවට

581 Views


රිෂාඩ් බදියුදීන් අද සහ හෙට පාර්ලිමේන්තුවට

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව අද සහ හෙට දෙදින පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගී කරවන ලෙස දන්වා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෟෙඛ්‍ය සහ දේශීය වෙෙද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

වේත්‍රධාරිවරයා මෙම ලිපිය අදාළ අංශ වෙත යොමුකර ඇත්තේ, ඊයේ දහවල් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී කථානායකවරයා කළ නියෝගයකට අනුවයි.

පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ විදි විදාන ප්‍රකාරව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව අද සහ හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කළ බව අදාළ ලිපියේ සදහන්.

ඒ අනුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අද පැවැත්වෙන විවාදයට මේ වනවිට පාර්ලිමේන්තුවට පැමිණ සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post