News Line| Off Air
Generic placeholder image

Oct
22

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු කලින් ලැබිලා??

546 Views


පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු කලින් ලැබිලා??

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සහරාන් හෂීම් මෙරට තුළ ප්‍රහාර මාලාවක් දියත් කිරීමේ හැකියාවක් පවතින බවට පසුගිය වසරේ අප්‍රේල් 4 වැනිදා විදෙස් බුද්ධි අංශයකින් දැනුවත් කිරීමට පෙර මාර්තු මස 26 වැනිදා වනවිට රාජ්‍ය බුද්ධි සේවය දැනසිටි බවට ප්‍රථම වරට ඊයේ අනාවරණ වුණා.

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මේ බව ඊයේ ප්‍රකාශ කළා.

කෙසේවෙතත්, අප්‍රේල් 4 වැනිදා විදෙස් බුද්ධි අංශයකින් ලද දැනුවත් කිරීමේ තොරතුර පාස්කු ප්‍රහාරය සිදුවන තුරුම තමා යටතේ සිටි රාජ්‍ය බුද්ධි සේවයේ කිසිදු නිලධාරියෙකුට යොමුකිරීමට කටයුතු නොකළ බවයි කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දිවයින පුරා රාජකාරී කටයුතු සිදුකරමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් රැසකගෙන් පෙරේදා ජනාධිපති කොමිසම ප්‍රශ්න කර තිබුණා.

එය ආවරණයට මාධ්‍යයට අවස්ථාව හිමි වූයේ නැහැ.

කොමිසම කළ කැඳවීමකට අනුව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ කොමිසම හමුවේ පෙනී සිටියේ 25වැනි දිනටයි.


News Articles
Latest Videos
Most Popular Post