මෙරටින් දිනයක් තුළ වාර්තා වන වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඊයේ වාර්තා වුණා.
ඒ අනුව එම සංඛ්‍යාව 309ක් වන අතර ඉන් 188 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍යය වෙළදපොළෙන් වාර්තා වීම විශේෂත්වයක්.
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6287 දක්වා ඉහළ ගියා.
මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළෙහි පෙරේදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 1,178කින් 350ක වාර්තා ලැබී ඇති අතර ඉන් 250 දෙනෙකු කොරෝනා ආසාදනය වූවන් බවට තහවුරු වී තිබෙනවා.
ඒ අනුව පෑලියගොඩ වෙළදපොළෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 300ක් පමණ වන බව සෞඛ්‍ය අංශ නිවේදනය කළා.
මේ අතර බේරුවල මත්ස්‍ය වෙළදපොලෙහි ඊයේ දිනය තුළ පමණක් අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සියයක් සිදු කෙරුණා.
ඉන් දස දෙනෙකු කොරෝනා ආසාදනය වූවන් බවට තහවුරු වී තිබෙනවා.
අද දිනයේදීත් බේරුවල සහ ඒ ආශ්‍රිත ධීවර වරායවල පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
මේ අතර කුලියාපිටිය, ඌරුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි කාන්තාවක් කොරෝනා වෙෙරසය වැළදීමෙන් ඊයේ මියගියේ, මෙරටින් වාර්තා වන 14 වැනි කොරෝනා මරණය සටහන් කරමින්.
ඇගේ දේහය පිළිබද අවසන් කටයුතු නිරෝධායන නීතිරීතිවලට අනුව අද සිදු කිරීමට නියමිතයි.
එම කාන්තාවගේ මරණයත් සමග ඇය ප්‍රතිකාර ලැබූ කුලියාපිටිය රෝහලේ වෙෙද්‍යවරුන් 13 දෙදෙනකු සහ හෙදියන් ඇතුළු 54 දෙනෙකු නිරෝධායනය සදහා යොමු කර ඇති අතර එම රෝහලේ එක් වාට්ටුවක් ද තාවකාලිකව වසා දැමුණා.
එමෙන්ම අදාළ කාන්තාවගේ සැමියා ද කොරෝනා ආසාදිතයෙකු බව මේ වනවිට හදුනාගෙන තිබෙනවා.
සෞඛ්‍ය අංශ පවසන්නේ, කුලියාපිටිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 44 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කය තුළින් ද ආසාදිතයින් වාර්තා වීමත් සමග කොටහේන, වැල්ලම්පිටිය ඇතුළු පොලිසිබල ප්‍රදේශ කිහිපපයකට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇදිරි නීතිය පනවනු ලැබුවා.