News Line| Off Air
Generic placeholder image

Oct
23

සහරාන්ගේ බිරිඳ ඇතුළු 5ක් රිමාන්ඩ්

520 Views


සහරාන්ගේ බිරිඳ ඇතුළු 5ක් රිමාන්ඩ්

සහරාන් හෂිම්ගේ බිරිඳ ඇතුළු පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ සයින්දමරුදු පිපීරිමෙන් පසු සහරාන්ගේ බිරිඳ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇය රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියා.

සැකකාරිය ඇතුළු පිරිස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ, ලබන 4 වැනිදා දක්වා ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිද වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සාක්ෂි විමසන ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කළා.

කෙසේවෙතත් එහිදී ඇයගෙන් සාක්ෂි විමසා තිබුණේ නැහැ.

ඇයගෙන් සාක්ෂි ලබා ගැනිම සිදුකරන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් අද තීරණයක් ලබාදීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post