News Line| Off Air
Generic placeholder image

Oct
23

පෑලියගොඩ කොරෝනා පොකුර හොයාගත්තේ කොහොම ද?

562 Views


පෑලියගොඩ කොරෝනා පොකුර හොයාගත්තේ කොහොම ද?

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අසල පිහිටි කුඩා වෙළදසැල්වල වේදනා නාශක බෙහෙත් වර්ග සහ පේයාව පසුගිය දින කිහිපය තුළ වැඩි වශයෙන් අලෙවි වී තිබුණා.

ඒ පිළිබද සැක සිතූ වෙළදසැල් හිමියන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ඉල්ලා තිබුණේ, අහඹු ලෙස තෝරාගත් පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ පවත්වන ලෙසටයි.

ඒ අනුව තෝරාගත් 109 දෙනෙකු අදාළ පරීක්ෂණයට යොමු කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීමට හැකිව තිබෙනවා.

මත්ස්‍ය වෙළද සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා පැවසුවේ, ආසාදිතයන් 36 දෙනෙක් මීගමුව කරදියාන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ බවයි.

ඊට අමතරව 13 දෙනෙකු ජම්පටා වීදිය, මට්ටක්කුලිය හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල වැසියන් බව හඳුනාගෙන ඇති බව ද වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post