News Line| Off Air
Generic placeholder image

Oct
23

උ/පෙළ විභාගයේ පොදු පරීක්ෂණයට පෙනී සිටින සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව දුන් පණිවිඩය

900 Views


උ/පෙළ විභාගයේ පොදු පරීක්ෂණයට පෙනී සිටින සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව දුන් පණිවිඩය

මීට පෙර වසරක පවත්වන ලද උසස් පෙළ විභාගයක සාමාන්‍ය පොදු පරීක්ෂණ විෂයයට පෙනී සිට ලකුණු 30 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගෙන ඇති අපේක්ෂකයින් මෙවර උසස් පෙළ විභාගයේදී එම ප‍්‍රශ්න පත‍්‍රය සදහා නැවතත් පෙනී සිටීම අත්‍යාවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, මීළග විශ්වවිද්‍යාල ප‍්‍රවේශ අවශ්‍යතාවය සදහා පෙර ලබාගත් ලකුණු ප‍්‍රමාණවත් බවයි.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් බොහෝ දෙනෙකු ඒ සම්බන්ධයෙන් විමසීම හේතුවෙන් අදාළ නිවේදනය නිකුත් කළ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post