යුරෝපා කලාපය තුළ ව්‍යාප්ත වන කොරෝනා වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
එම සංවිධානය පෙන්වා දෙන්නේ යුරෝපා කලාපයේ පැතිර යන කොරෝනා දෙවන රැල්ල පළමු රැල්ලේ තත්ත්වයට වඩා දරුණු බවයි.
ඉතාලියේ දැඩි සංචරණ සීමා පනවා ඇති පසුබිමක පසුගිය සතිය තුළ එරටින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම පළමු රැල්ලට වඩා ඉහළ මට්ටමක පවතින බව විදෙස් වාර්තා කරනවා.
දිනක් තුළ වාර්තා වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද ඊයේ එරටින් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 16,079ක් ලෙසින් දැක්වුණා.
එරට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ලොම්බාඩ් සහ පිට්මෝන් යන ප්‍රදේශවලින්.
එමෙන්ම වෙෙරස් ව්‍යාප්තියත් සමග අයර්ලන්තය සහ ජර්මනිය ද දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බව වාර්තා වනවා.
වසංගතයේ බලපෑම හමුවේ අයර්ලන්තය දෙවැනි වරටත් වසා දැමීමටයි එරට රජය පියවර ගෙන ඇත්තේ.