News Line| Off Air
Generic placeholder image

Oct
23

බැංකු පොලීයේ වෙනසක් නොවන බව මහ බැංකුව කියයි

572 Views


බැංකු පොලීයේ වෙනසක් නොවන බව මහ බැංකුව කියයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් නොවෙන පවත්වාගෙන යෑමට තීරණය කර තිබෙනවා.

මේ වසර තුලදී අවස්ථා 05 කදී බැංකු පොලී අනුපාත අඩු කර තිබෙන බවත් බැංකු පොලී අඩු කිරීම තුළින් වාණිජ බැංකු අතර කෙරන ගනුදෙනුවලට අදාළ පොලී අනුපාත පහළ වැටෙන බවත් එම නිසා අඩු පොලියට ණය නිකුත් කිරිමට වාණිජ බැංකුවලට අවස්ථාව සැලසෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සදහන් කරන්නේ.

ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑම හේතුවෙන් දැනට පවත්නා අඩු උද්ධමන තත්වය තුළ ද ආර්ථිකයේ ඵලඳායී අංශ වෙත අඩු පොලී යටතේ ණය ලබාදීමට හැකියාව තිබෙන බවත් මහ බැංකුව විසින් නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post