News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

ඇඳිරි නීතිය නිසා අද සිට වෙනස්වන දුම්රියන්

559 Views


ඇඳිරි නීතිය නිසා අද සිට වෙනස්වන දුම්රියන්

කොළඹ පොලිස් බල ප‍්‍රදේශයට නිරෝධායන ඇදිරි නිතිය පැනවීම හේතු කොටගෙන ප‍්‍රධාන මාර්ගයේ, පුත්තලම මාර්ගයේ, කැළණි වැලි මාර්ගයේ සියලූම කාර්යාල දුම්රිය සහ සියලූම මගී දුම්රියන් අද සිට අවලංගු කර තිබෙනවා.

සියලූම දුරගමන් සේවා දුම්රියන් සහ නගරාන්තර සීඝ‍්‍ර ග‍්‍රාමී දුම්රියන්ද ධාවනය අද සිට අත් හිටුවීමට තීරණය කර තිබෙනවා.

මුුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන්වාර 06ක් පමණක්, ඒ අනුව

ගාල්ල දුම්රිය ස්ථානයෙන් අද අළුයම 03.15 ටත්,
සාගරිකා දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් අළුයම 04.30 ට
සමුද්‍රදේවී දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයෙන් අද අළුයම 05 ට
මුහුදුබඩ මාර්ගයේ දුම්රියන් 03ක් පස්වරුවේද ධාවනය කෙරේ.

ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය 08ක්

පෙරවරු 05.25ට රඹුක්කන සිට කොළඹ කොටුව
පෙරුවරු 06.25 ට පොල්ගහවෙල සිට කොළඹ කොටුව
පස්වරු 12.45 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වාත්,
පස්වරු 01.25 ට කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වාත්
පස්වරු 03.45 ට කොළඹ කොටුව සිට පොල්ගහවෙල දක්වා

හලාවත මාර්ගයේ දුම්රිය 04ක්

පස්වරු 04.30 ට කොළඹ කොටුවේ සිට හලාවත් දක්වා

අළුයම 04.50 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා
පෙරවරු 05.41 කොළඹ කොටුව සිට හලාවත දක්වා
පෙරවරු 11.17ට හලාවත සිට කොළඹ කොටුව දක්වා

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ කාර්යය මණ්ඩලය වෙනුවෙන් සියලුම දුම්රියන් ධාවනය වන අතර අලූත්ගම – ගාල්ල, ගාල්ල – බෙලිඅත්ත, පොල්ගහවෙල – මහව සහ නාවලපිටිය , අනුරාධපුර සියලූම කෙටි දුම්රියන් නියමිත පරිදි ධාවනය වෙයි.


News Articles
Latest Videos
Most Popular Post