රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණ ද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව එම කාර්යාලය නිවේදනය කරනවා.
පනවා තිබෙන සෞඛ්‍ය සීමාවන් හේතුවෙන් මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුව සැළකිල්ලට ගෙන දුරකතන, තැපෑල සහ විද්‍යුත් තැපෑල යන සන්නිවේදන මාර්ග ඔස්සේ ජනතා ඉල්ලීම් ලබා ගැනීමටත්, ඒවා ඉටු කිරීමටත් කටයුතු සළසා තිබෙනවා.
ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදල සමග පහත සඳහන් දුරකථන, ෆැක්ස් අංක ඔස්සේ සම්බන්ධ වීමට අවස්ථාව හිමි වනු ඇති.
ජනාධිපති මහජන සම්බන්ධතා අංශය – 011 4 354 550 / 011 2 354 550
Fax – 011 2 348 855
publicaffairs@presidentsoffice.lk
ඔම්බුඩ්ස්මන් කාර්යාලය – 011 2 338 073
ombudsman@presidentsoffice.lk
ජනාධිපති අරමුදල – 011 2 354 354