News Line| Off Air
Generic placeholder image

Oct
27

දෙවන කොරෝනා රැල්ලේ තත්වය භයානකයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් කියයි

933 Views


දෙවන කොරෝනා රැල්ලේ තත්වය භයානකයි  – මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් කියයි

මේ වන විට ශ්‍රී ලංකාව පුරා දෙවන කොරෝනා රැල්ල ප්‍රබල ලෙස දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය සදහන් කරනවා.

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ආශ්‍රිත කොරෝනා රැල්ල මෙන්ම පෑලියගොඩ අනුපොකුරත් සමග දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ආශ්‍රිතයින් සොයා ගැනීමට හැකි වී තිබීම අතිශය භයානක තත්වයක් බවයි එම සංගමය පවසන්නේ.

මෙම පොකුරු වලට සම්බන්ධයක් නැති කොරෝනා ආසාදිතයින් කිහිප දෙනකු ද වාර්තා වී තිබෙන බවත් බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශ සෞඛ්‍ය අංශයෙන් ගිලිහෙමින් පවතින බවටත් එම සංගමය අනතුරු අගවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post