කොරෝනා ආසාදිතයින් පිළිබඳ සකස් කළ වාර්තාවේ ඊයේ වනවිට ශ්‍රී ලංකාව 60 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
අදාළ වාර්තාවට අනුව පළමු ස්ථානයේ තවමත් රැඳී සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.
ඉන් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 8,962,783ක්.
ඉන් කොරෝනා මරණ 231,045 වාර්තා වන අතර අසාද්‍ය තත්ත්වයේ පසුවන්නන් ගණන 16,611ක්.
එමෙන්ම ඇමරිකාවේ වෛරසය ආසාදනය වී සුවය ලැබූවන් සංඛ්‍යාව 5,833,824ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද දත්ත වාර්තාවේ සඳහන් වනවා.
අදාළ වාර්තාවට අනුව දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාව වන අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 7,945,888ක්.
මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 119,535ක් ලෙසයි.
ශ්‍රී ලංකාවෙන් 8413 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර අසාද්‍ය තත්ත්වයේ පසුවන්නන් පිළිබඳ අදාළ වාර්තාවේ සංඛ්‍යාත්මකව දක්වා නොමැති වීම විශේෂත්වයක්.
මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16ක් ලෙසයි.
මේ අතර ගෝලීය වශයෙන් කොරෝනා ආසාදියින් 43,770,537ක් හඳුනාගෙන ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 1,164,236ක්.
එමෙන්ම වෛරසය ආසානය වී අසාද්‍ය තත්ත්වයේ පසුවන ගණන 79,035 ක් ලෙස දැක්වෙන අදාළ වාර්තාෙවෙන් ලොව පුරා සුවය ලැබූ ගණන 32,173,314ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද පෙන්වා දී තිබෙනවා.
එම වාර්තාව පහළින් :
