News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

කොරෝනා ආසාදත කාන්තාවක සිටි ඇඳට අල්ලපු ඇඳේ සිටි කාන්තාවක් හදිස්සියේ මිය යයි

1140 Views


කොරෝනා ආසාදත කාන්තාවක සිටි ඇඳට අල්ලපු ඇඳේ සිටි කාන්තාවක් හදිස්සියේ මිය යයි

පොළොන්නරුව මහ රෝහලේ කොරෝනා ආසාදිත කාන්තාවක් හදුනා ගැනීමත් සමග එම අදාල කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටි 21 වාට්ටුව වසා දැමීමට රෝහල් බලධාරීන් පසුගියදා පියවර ගත් අතර එහි සිටි රෝගීන්, සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත්තා.

එහිදී නිවසට පැමිණ ස්වයං නිරෝධායනයට යොමු වී සිටි කාන්තාවක් හදිස්සියේ මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. එම කාන්තාව කොරෝනා ආසාදිත කාන්තාවගේ අල්ලපු ඇදේ සිටි කාන්තාවක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇයට කොරෝනා වැළඳී තිබුණිද යන්න පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබී තිබු නැති නමුත් ඇයගේ අවසන් කටයුතු නිරෝධායන රෙගුලාසි යටතේ සිදු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post