News Line| Off Air
Generic placeholder image

Oct
27

තවත් කොරෝනා මරණ දෙකක් – සමස්ත මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළට

907 Views


තවත් කොරෝනා මරණ දෙකක් – සමස්ත මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය වැළඳීමෙන් තවත් දෙදෙනෙකු මීට ටික වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්වුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පැවසුවේ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක් සහ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති බවයි.

ඔවුන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post