News Line| Off Air
Generic placeholder image

Oct
27

මෙරට සිටින විදේශිකයින්ගේ වීසා බලපත් දෙසැම්බර් දක්වා දීර්ඝ කෙරේ

466 Views


මෙරට සිටින විදේශිකයින්ගේ වීසා බලපත් දෙසැම්බර් දක්වා දීර්ඝ කෙරේ

දිවයිනට පැමිණ සිටින සියලු විදේශිකයින් ලබාගෙන ඇති සෑම වර්ගයකම වීසා බලපත්‍ර ලබන දෙසැම්බර් 5 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ, රට තුළ පවතින කොරෝනා වසංගත ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින්.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, වීසා දීර්ඝ කිරීම සඳහා ගාස්තු ගෙවීම ඇතුළු ක්‍රියා පටිපාටියට අදාළ උපදෙස් ඉදිරියේදී දැනුම් දෙන බවයි.

මේ අතර මේ කාලය තුළ දිවයිනෙන් පිටත්ව යාමට අවශ්‍ය නම් වීසා දීර්ඝ කිරීමට අදාළ ගාස්තුව පමණක් ගුවන් තොටුපළ වෙත ගෙවා පිටව යා හැකි බවත් ඒ සඳහා කිසිඳු දඩ මුදලක් අය නොකෙරෙන බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post