එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා එන්නත සාර්ථක වන බවට එම විශේඥයින් සදහන් කරනවා. කොරෝනා වෛරසයට මර්දනය කිරීමට මෙම එන්නත හරහා බොහෝ දුරට හැකි බව පවසන එම විශේෂඥයින් පවසන්නේ ලබන වසරේ එනම් 2021 වසරේ මුල් කාලය තුලදීම වෙළඳපොළට නිකුත් කිරීමට හැකි බවයි.
මෙම නිෂ්පාදන කටයුතු වල ප්‍රධාන දායකත්වය දරන ඇස්ට්‍රා සෙනිකා ඖෂධ සමාගම පවසන්නේ සෑම වයස් මට්ටමකම සිටින පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකකරන පද්ධති සමග මෙම එන්නත වඩා සාර්ථකව සම්බන්ධ වන බවයි.
මෙම එන්නත පිලිබදව බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටින අතර ඒ හේතුවෙන් මෙය ‘‘game-changer‘‘ එන්නතක් ලෙස ද මෙය හදුන්වනවා.