News Line| Off Air
Generic placeholder image

Oct
28

තවත් ආසාදිතයින් 124ක් හඳුනා ගැනේ

834 Views


තවත් ආසාදිතයින් 124ක් හඳුනා ගැනේ

තවත් කොරෝනා ආසාදිතයින් 124 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔවුන්ගෙන් 106 දෙනෙකු මීන් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වන අතර සෙසු 18 දෙනා නිරෝධායනය මධ්‍යස්ථානවලින් හඳුනාගත් ආසාදිතයින්.

ඒ අනුව, අද දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 335ක්.

මේ දක්වා මිනුවන්ගොඩින් සහ පෑලියගොඩින් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව 5,731ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 9000 ඉක්මවා ඇති අතර එම සංඛ්‍යාව 9205ක්.

එමෙන්ම ආසාදිතයින් 4987 දෙනෙකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

සෞඛ්‍ය අංශ පවසන්නේ, මේ වනවිට 4075 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post