ඉදිරියේදී තවත් කොරෝනා පොකුරු නිර්මාණය වුවහොත් රටම දැඩි අපහසුතාවකට පත්විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ, පෑලියගොඩ කොරෝනා පොකුරට වඩා විශාල පොකුරක් නිර්මාණය වුවහොත් එය සෞඛ්‍ය අංශයවලට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බවයි.
එවැනි පොකුරු නිර්මාණය නොවීම සම්බන්ධයෙන් වන වගකීම විශාල වශයෙන් පැවරෙන්නේ රටේ පොදු මහජනතාවට බැවින් ඒ පිළිබඳ සිතා කටයුතු කිරීම මේ මොහොතේ ඉතා වැදගත් බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර සිටිනවා.