News Line| Off Air
Generic placeholder image

Oct
29

දින 21ක් වයසැති බිළිඳෙකුගේ මවට කොරෝනා – මව සමග බිළිඳාත් රෝහලට

534 Views


දින 21ක් වයසැති බිළිඳෙකුගේ මවට කොරෝනා – මව සමග බිළිඳාත් රෝහලට

තංගල්ල ප්‍රදේශයේ දින 21 ක බිළඳෙකුගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග අදාළ මව, බිළිඳා සමග රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම කාන්තාව පසුගිය දා කිරිබත්ගොඩ පිහිටි ඇගේ ඥාතියෙකුගේ නිවසේ සතියක පමණ කාලයක් නැවතී සිට තංගල්ල, කුඩාවැල්ලේ පිහිටි සිය නිවස වෙත පැමිණ තිබුණා.

ඇගේ ඥාතියා පෑලියගොඩ මත්ස්‍යය වෙළඳ සංකීර්ණයේ සේවය කළ අයෙක් බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාවගේ ඥාතියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඇයට දැනගැනීමට ලැබී ඇත්තේ ඇය නිවසට පැමිණි පසුව වන අතර ඉන් අනතුරුව ඇය පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු වී තිබුණා.

එහි වාර්තාව නිකුත් වීමත් සමග ඇය ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙනවා.

ඇගේ දරුවා දින 21ක් වයසැති බිළිඳෙකු බැවින් දරුවා ද රෝහල්ගත කිරීමට පියවර ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post