නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ මහ මඟ ගමන් කළ හැක්කේ අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතුවල නිරත වන්නන්ට පමණක් බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.
එවැනි පිරිසට හැරුණු විට වෙනත් කිසිවෙකුට ඇඳිරි නීතිය බලපැවැත්වෙන බස්නාහිර පළාතට ඇතුළු වීමට හෝ පිටවීමට අවසර හිමි වන්නේ නැහැ.
නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු ලෙස ජලය, විදුලිය, සන්නිවේදනය, මාධ්‍ය, සෞඛ්‍ය, ඖෂධ, වරාය සහ ගුවන් තොටුපළ ආදී කටයුතු නම්කර ඇති බවයි.
මේ වනවිට දිවයින පුරා පොලිස් වසම් 117ක නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.