නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග බස්නාහිර පළාතෙන් පිට වීමට උත්සාහ ගත් පිරිසක් පිළිබඳ තොරතුරු වාර්තා වන බව පොලිසිය පවසනවා.
නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ, එවැනි පිරිස් බස්නාහිර පළාතෙන් පිට වී ආශ්‍රිත හෝටල් සහ නවාතැන්පොළවල ලැගුම් ගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.
අදාළ පිරිස ඇඳිරි නීතිය අවසන් වී නැවත කොළඹට පැමිණීමේදී හසුකර ගැනීමට අපේක්ෂා කෙරෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඔවුන් හසුකරගත් පසු නිරෝධායන නීති උල්ලංඝණය සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බවයි.