News Line| Off Air
Generic placeholder image

Oct
30

කොරෝනා වාර්තාවේ ලංකාවේ විස්තරය

608 Views


කොරෝනා වාර්තාවේ ලංකාවේ විස්තරය

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබඳ ලෝක වාර්තාවේ ශ්‍රී ලංකාව ඉහළට පැමිණ තිබෙනවා.

ඒ අනුව එම වාර්තාවේ ශ්‍රී ලංකාව පසුවන්නේ 67 වැනි ස්ථානයේයි.

අදාළ වාර්තාවට අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9791ක් වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 19ක් ලෙසයි.

එමෙන්ම 4142 දෙනෙකු පූර්ණ සුවය ලැබුවා.

මේ අතර මිනුවන්ගොඩින් සහ පෑලියගොඩින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,145 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 586 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඔවුන්ගෙන් 115 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනා ගත් පු්ගලයින්.

මේ අතර කොරෝනා වෛසරය සම්බන්ධයෙන් සකස් කෙරෙන ලෝක වාර්තාවට අනුව තවමත් පළමු සහ දෙවැනි ස්ථානවල පසුවන්නේ පිළිවෙළින් ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාවයි.


News Articles
Latest Videos
Most Popular Post