News Line| Off Air
Generic placeholder image

Oct
30

බියගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ හදිසි මරණය

673 Views


බියගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ හදිසි මරණය

බියගම පොලිසියේ ස්ථානාධිපතිවරයා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, හෘදයාබාදයක් හේතුවෙන් රෝහල්ගත කිරීමේදී ස්ථානාධිපතිවරයා මියගොස් ඇති බවයි.

ඔහු නිධන්ගත රෝග කිහිපයකින් පෙළෙන බවත් එම රෝග සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් බවත් වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.‍

කෙසේ වෙතත් ස්ථානාධිපතිවරයාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වෙන අතර එහි වාර්තාව නිකුත් වීමෙන් පසු නිශ්චිත හේතුව ප්‍රකාශ කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා වැඩිදුරටත් පැවසුවා.

පොලිස් ස්ථානාධිපතිවරයා මියයන විට 52 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස ද කටයුතු කළ අයෙක්.


News Articles
Latest Videos
Most Popular Post