News Line| Off Air
Generic placeholder image

Oct
30

තවමත් නිරුපද්‍රිත එකම දිස්ත්‍රික්කය

2971 Views


තවමත් නිරුපද්‍රිත එකම දිස්ත්‍රික්කය

දිස්ත්‍රික්ක 24ක් පුරා වෛරසය පැතිරී පවතිද්දී, තවමත් නිරුපද්‍රිතව පවතින එකම දිස්ත්‍රික්කය වන්නේ, කිළිනොච්චිය දිස්ත්‍රික්කයයි.

සෙසු දිස්ත්‍රික්ක සියල්ලෙන්ම ආසාදිතයින් වාර්තා වන අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණේ, ගම්පහ දිස්‍ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 2960ක්.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1760ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 261ක් වාර්තා වී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 144ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 68 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 55ක් වාර්තා වුණා.

යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 දෙනෙකු ද, මුලතිව් දිස්ත්‍රික්කයෙන් 2ක් ද, මන්නාරම දිස්ත්‍රික්කයෙන් 9ක් ද, වව්නියාව දිස්ත්‍රික්කයෙන් 15 දෙනෙකු ද, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 34 දෙනෙකු ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 12 දෙනෙකු ද වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා.

ආසාදිතයින් 13 දෙනෙක් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ද 29 දෙනෙකු මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ද 15 දෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයෙන් ද 43 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද හඳුනා ගැනුණා.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 46 දෙනෙක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 28 දෙනෙක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 15 දෙනෙක්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 8 දෙනෙක්, අම්පාරෙන් 21ක්, රත්නපුරෙන් 28ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 14 දෙනෙකු සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 7 දෙනෙකු ලෙස ආසාදිතයින් වාර්තා වුණා.

ඒ අනුව කිළිනොච්චිය දිස්ත්‍රික්කය හැරුණු විට අනෙක් දිස්ත්‍රික්ක 24න්ම ආසාදිතයින් වාර්තා වන අතර අද උදෑසන දක්වා එලෙස හඳුනා ගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9791ක්.

මේ අතර ආසාදිතයින් 5630ක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post