News Line| Off Air
Generic placeholder image

Nov
2

ඊයේ ආසාදිතයින් හඳුනාගත් තැන්

1394 Views


ඊයේ ආසාදිතයින් හඳුනාගත් තැන්

ඊයේ සිට අද උදෑසන දක්වා කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 397 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

ඒ අනුව ආසාදිතයින් 179 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද, 93 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් ද 33 දෙනෙකු කළුතර දිස්ත්‍රිකක්යෙන් ද වාර්තා වුණා.

එමෙන්ම ඇහැළියගොඩ, කුරුණෑගල සහ කුලියාපිටිය යන ප්‍රදේශවලින් ද ආසාදිතයින් කිහිපදෙනෙකු වාර්තා වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

බස්නාහිර පළාත තුළින් තවමත් රෝගීන් වැඩි පිරිසක් වාර්තා වෙමින් ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ආසාදිතයින් 506 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්.

එමෙන්ම ඊයේ දිනය තුළ පී.සී.ආර්. පරීක්ෂණ 11,087ක් සිදුකර ඇති අතර මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ථ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 523,822ක්.


News Articles
Latest Videos
Most Popular Post