News Line| Off Air
Generic placeholder image

Nov
2

ඇඳිරිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම

1207 Views


ඇඳිරිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ ප්‍රදේශවලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසටම සැපයීමේ වැඩපිළිවෙළ අද සිට ආරම්භ වනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ඒ සඳහා ඒ ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානවලින් අවසර ලබා ගත යුතු බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ වෙ⁣ළෙඳුන් 7000කට අධික පිරිසක් එම කටයුතු සඳහා ලියාපදිංචි වී තිබෙනවා.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වෙත ප්‍රවාහනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක අතර ඒ සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා.

ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, එම දිස්ත්‍රික්කය තුළ ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අත්‍යාවශ්‍යය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම ක්‍රියාත්මක කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post