රටේ පවතින වත්මන් ත්ත්තවය හමුවේ කර්මාන්ත ක්ෂේත්‍රය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැළැස්වීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඒ අනුව කර්මාන්තකරුවන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට සෘජු දුරකනත අංක තුනක් හඳුන්වා දීමට පියවර ගත් බවයි.
ඒ සඳහා නව අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු ද පත්කර තිබෙනවා.
එමගින් ඒ ඒ කර්මාන්තයට අදාළ අධ්‍යක්ෂවරුන් වෙත සිය ගැටළු සෘජුවම යොමුකර ඒ සඳහා ක්ෂණික විසඳුම් ලබා ගැනීමේ හැකියාව කර්මාන්තකරුවන්ට හිමි වනවා.
ඒ අනුව කර්මාන්තපුර තුළ පවත්වාගෙන යන කර්මාන්ත පිළිබඳ ගැටළු අධ්‍ය‍්ක්ෂ වින්දික පියරත්න මහතා වෙත 071 3 976 406 දුරකතන අංකය ඇමතීමෙන් දැනුම් දිය හැකියි.
එමෙන්ම කර්මාන්තපුර තුළ පිහිටා නොමැති අනෙකුත් කර්මාන්ත පිළිබඳ ගැටළු යොමු කළ යුත්තේ, අධ්‍යක්ෂ රසික විජේකෝන් මහතාට වන අතර ඒ, 011 3 158 114 දුරකතන අංකය ඔස්සේයි.
ආනයන තීරුබදු පිළිබඳ ගැටළු යොමු කිරීම සඳහා 077 0 820 775 යන දුරකතන අංකය ඔස්සේ අධ්‍යක්ෂික සිතාරා ජයසේන මහතත්මිය ඇමතිය හැකි වනවා.